17th March 2023 20:37:55 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානය විසින් සංවිධානය කරන ලද ‘කල්වාරි වන්දනා පා ගමන’ සඳහා සහභාගී වූ කිතුණු බැතිමතුන් 500 කට අධික පිරිසක් වෙත ශීත කළ සිසිල් බීම සහ පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (15) දින පවත්වනු ලැබීය. 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ගේ උපදෙස් මත භටපිරිස් විසින් විකුම්පුර සිංහල ගම්මානය ඉදිරිපිට සහ තල්ලඩි මංසන්ධියේ දී මෙම සංග්‍රහයන් සිදුකරන ලදී.
වාර්ෂිකව පවත්වනු ලබන මෙම කල්වාරි වන්දනා පාගමන සඳහා කතෝලික බැතිමතුන් සිය ගණනක් මන්නාරම - මැදවච්චිය ප්‍රධාන මාර්ගය ඔස්සේ මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයට පැමිණ දින 2 – 3 කින් පසුව වවුනියාව කොමරසන්කුලම් කල්වාරි දේවස්ථානය වෙත පැමිණිමට නියමිතව අති අතර, ඒ සඳහා උයිලන්කුලම්, වන්කාලෙයි, නානත්තන්, නරුවලිකුලම්, සෙම්මන්තිව් යන ගම්මානවලින් සිය ගණනක් වූ කතෝලික බැතිමතුන් පිරිසක් සහභාගී වෙති. මෙම කල්වාරි වන්දනා පාගමන ආරම්භ කිරීමට පෙර මන්නාරම රදගුරු හිමිපාණන් සහ ජ්‍යෙෂ්ඨ කතෝලික පූජකවරුන් සිය ආශිර්වාදය එක් කළහ. මෙම අවස්ථාව සඳහා මන්නාරම ප්‍රදේශයේ විකා ජෙනරල් ගරු ක්‍රිස්තුනායගම් පියතුමා, කන්‍යා සොහොයුරියන්, 54 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින්, 542 වන පාබල බලසේනාවේ භටපිරිස් සහ බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.