28th July 2024 08:01:52 Hours
කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුලකගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් පරිදි එම පවුලේ ආබාධිත සාමාජිකයෙකු සඳහා සනීපාරක්‍ෂක පද්ධතියක් ඉදිකරන ලදී.
රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ 53 පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටන සිදුකරනු ලැබීය.
මෙම සනීපාරක්‍ෂක පද්ධතිය 2024 ජුලි මස 18 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙනු ලැබුනු අතර, ප්‍රංශයේ මිනෝලි මිරෙන්ඩා මහත්මියගේ මූල්‍ය අනුග්‍රහය මත 5 සහ 11 ශ්‍රේණිවල ළමුන් දෙදෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාගයක්ද සිදු කරන ලදී.
මෙම අවස්ථාවට 533 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.