Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2016 10:29:32 Hours

53 වන සේනාංකයත් රුක් රෝපන වැඩසටහන හා එක්වේ

‘වනරෝපා’ ජාතික රුක් රෝපන වැඩසටහනට සමගාමිව 53 වන සේනාංකය ඔක්තෝබර් මස 28 වන දින රුක් රෝපන දිනයක් පවත්වන ලදි.

තවද මෙම වැඩසටහන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරිනි.

ඒ අනුව සිවිල් අංශයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ කොස් පැළ රෝපනය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා මහවැලි ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපෘති කළමණාකාර කේ.ඒ ජයසිංහ කිරිඇල්ල මහතා, මහවැලි ව්‍යාපෘතියේ කේ.ජී.එස්.ඩබ්ලිව් ඥාණතිලක මිය, විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්තනායක මහතා, දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය ඊ.එම්.ජී සේනානායක සහ ජ්‍යෙෂ්ඨ නාරි රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න සහභාගි වූහ.

Running sport media | Nike Shoes, Sneakers & Accessories