Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2024 06:06:44 Hours

53 පාබල සේනාංකයේ ‘Diners’ Club’ වැඩමුළුව සාර්ථකව අවසන්

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසි ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය වෙතින් 2024 ජුනි මස 14 දින ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා ආරාධිත කථිකාචාර්යවරයා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ‘ඉන්දු - පැසිෆික් බල අරගලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකත්වය’ මැයෙන් චින්තනාත්මක දේශනයක් පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.