Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2023 20:03:15 Hours

522 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ප්‍රජා මූලික ව්‍යාපෘතියක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයන්හි අවශ්‍යතා සපුරාලමින් ජනවාර්ගික සහජීවනය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නංගර ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඩෙයිකාඩු ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව සිවිල් වැසියන්ගේ සහයෝගය මත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රය තුළ රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ‘මනල්කාඩු’ නාගතම්පිරාන් දේවස්ථානයේ දේවගැති අමල්රාජ් පියතුමා, ජෝන් ක්‍රෂ් පියතුමා, ශාන්ත මරියා දේවස්ථානයේ පූජ්‍ය කැරොෂ් පියතුමා ඇතුළු පියතුමන්ලා රැසක් සහභාගී වූහ.

522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නංගර ආර්එස්පී, එම පූජකවරුන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරතවීමෙන් අනතුරුව මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සමඟින් 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් සහභාගී වූහ.

එමෙන්ම, කඩෙයිකාඩු රජයේ පාසලේ විදුහල්පතිතුමිය, මුල්ලියාන් ග්‍රාම නිලධාරි සහ ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.