Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2023 23:57:17 Hours

52 වන පාබල සේනාංකයේ භටපිරිස්හි සංවිධානයෙන් ‘මනෝවිද්‍යාව සහ උපදේශනය’ පිළිබඳ දේශනයක්

52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත එම පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සහභාගීත්වයෙන් ‘මනෝවිද්‍යාව සහ උපදේශනය’ (Psychology and Counselling) යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (01) දින 52 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන යුද්ධ හමුදාවේ කීර්තිමත් උපදේශකවරයෙකු වන 523 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂ් සිරිවර්ධන විසින් සිදුකරන ලදී.

තම රැකියා ස්ථානයේ, නිවසේ දී ඇතිවන ආතතිය කළමනාකරණය කරගන්නා ආකාරය සහ පවුල් ජීවිතය සාර්ථකව ගත කරන්නේ කෙසේද යන්නත් මෙම දේශනයේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්වූ අතර, වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයින් 195 දෙනෙකු සහභාගී වූහ.