Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2025 19:22:42 Hours

52 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 22 දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 511, 512 සහ 513 පාබල බලසේනාවන් යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟින් මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මරදන්කේනි ප්‍රාදේශීය සභාව, චැම්පියන්පත්තු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව මෙම වැඩසටහන යටතේ තලෙයියාඩි වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් සිදුකරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා සිවිල් වැසියන් 250 දෙනෙක් සහ හමුදා සාමාජිකයන් 350 දෙනෙකු සහභාගි වී සිය දායකත්වය ලබාදුන්හ. වෙරළ තීරය පිරිසිදු කිරීම පමණක් නොව, වෙරළ තීරය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් පුරවැසියන් දැනුවත් කිරීම ද මෙම වැඩසටහන තුළින් අපේක්‍ෂා කෙරේ.

මෙම වැඩසටහන සඳහා ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.