27th November 2020 17:59:33 Hours
යාපනය අර්ධද්වීපයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ අඳහැළෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් පීඩාවට පත්වූ දිළිඳු පවුල් අතර පිසු ආහාර තොගයක් ඉකුත් බ්රහස්පතින්දා (26) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මූලිකත්වයෙන් එම සේනාංකයේ භටපිරිස් විසින් බෙදාදෙන ලදී.
චාවකච්චේරි ප්රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වන්දරාවත්ත, මාගලන්කර්නි, එලුදුමඩ්ඩුවාල් සහ සිවාන් කෝවිල් ග්රාම නිලධාරි වසම් යටතේ ජීවත්වන ගංවතුරෙන් අවතැන්වූ පවුල් අටක සාමාජිකයින් මුදවාගැනීමට භටපිරිස් සමත්වූහ.
මෙම පිසූ ආහාර බෙදාදීමේ අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 522 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ. Adidas shoes | Air Jordan