Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

513 වන බලසේනාව සහ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරඟයක්

සංහිඳියාව ඇති කිරීමෙහිලා තවත් පියවරක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 513 වන බලසේනාවේ 23 වන සංවත්සරයට සමගාමීව බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් ඉරිදා (22) දින සංවිධානය කරනු ලැබීය.

මෙම තරඟාවලියේ දී සිවිල් ක්‍රිකට් සමාජ කණ්ඩායම සමඟ බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් තරඟ වැදුණි.

තරඟාවලිය අතරතුරදී යුද්ධ හමුදාව විසින් සහභාගි වූ සියලුදෙනා වෙත කෙටි ආහාර සහ දිවා ආහාර සංග්‍රහා කරන ලදී.Authentic Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ