Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2023 20:10:44 Hours

511 වන පාබල බලසේනාවේ භටපිරිස් ඉදිකළ නව නිවස නිවැසියන්ට භාර දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන පාබල සේනාංකයට අයත් 511 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ තවත් නිවසක් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යාපනය දිස්ත්‍රික්කයේ, කෝලන්කලට්ටි ග්‍රාම නිලධාරී වසමට අයත් කීරමලේ ප්‍රදේශයේ වෙසෙන ආරුමුගම් චන්ද්‍ර සේකරම් මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 7) දින භාරදෙනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කළ ඉල්ලීමකට අනුව දානපති විශ් නඩරාජ් මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ලබාදුන් මුල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම සහ ශ්‍රම දායකත්වය 511 වන පාබල බලසේනාවේ භටපිරිස් ලබාදුන්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් නිවස නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීමට අවැසි මඟපෙන්වීම් 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර සහ 511 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු විසින් ලබාදුන්හ. 511 වන පාබල බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු ගේ උපදෙස් හා 9 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය ම. එමම ඒකකයේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදුන්හ. මෙම නිවාස භාරදීමේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.