Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2025 19:19:04 Hours

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 21 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 511, 512 සහ 513 පාබල බලසේනාවන් යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟින් යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, යාපනය මහනගර සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රාදේශීය සිවිල් වැසියන් අත්වැල් බැඳගනිමින් ඓතිහාසික යාපනය කොටුව, ඒ අවට ප්‍රදේශය සහ යාපනය - පලාලි ප්‍රධාන මාර්ගය දෙපස පිරිසිදු කරනු ලැබූහ.

එකමුතුකමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව මෙම ජාතික උරුමය පිහිටි පරිසරය ඉතා සුන්දර සහ පිරිසිදු පරිසරයක් බවට පත්කල අතර, ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් සිදුකරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.