Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2024 18:43:26 Hours

51 පාබල සේනාංකය සුහඳ පාපන්දු තරඟාවලියක් පවත්වයි

යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර අනෝන්‍ය සුහදතාවය ප්‍රවර්ධනය කිරීම සහ 51 පාබල සේනාංකය වෙතින් යාපනයේ තරුණ තරුණියන් අතර ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින 51 පාබල සේනාංක සිවිල්-හමුදා ක්‍රීඩා උද්‍යානයේ දී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.

තරඟාවලියේ අවසන් මහා තරඟයේදී යෝගපුරම් අන්නා තරු පාපන්දු කණ්ඩායම සමඟින් තරඟවැදුනු සෙල්වපුරම් උදයසූරිය පා පන්දු කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව සරුංගල් යැවීමේ අංගයක් සහ නර්තන වැඩසටහන් ද පැවැත්විණි.

ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර එතුමන් ජයග්‍රහකයින් වෙත ත්‍යාග, කුසලාන සහ පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී, 511 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්,සෙසුනිලයන් ඇතුළු දහසකට අධික පිරිසක් සහභාගී වූහ.