23rd May 2024 17:48:54 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකය වෙතින් ප්‍රථම බලඇණි පුහුණු පාඨමාලාව 2024 මාර්තු මස 20 සිට 2024 මැයි මස 11 දින දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේදී පවත්වනු ලැබීය. මෙම පාඨමාලාව සඳහා 9 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 360 දෙනෙකු සහභාගි වූහ.
පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 මැයි මස 11 දින පැවති අතර එහිදී 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් සමාප්ති දේශනය සිදුකර නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත කුසලාන ප්රදානය කරනු ලැබීය.
සෑම අතින්ම අතිශූර නිලධාරියා - මේජර් එම්.එන්.ආර්. නිශ්ශංක
සෑම අතින්ම අතිශූර සෙබලා - සැරයන් කේ.එම්.ආර්.ඒ.කේ. ජයවර්ධන
හොඳම වෙඩික්කරු - ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.එස්.ඩී. කුමාර
හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - ලාන්ස් කෝප්රල් ආර්.එම්.එස්. කුමාර
හොඳම කණ්ඩායම - සී කණ්ඩායම
හොඳම ඛණ්ඩය - සී කණ්ඩායමේ 1 ඛණ්ඩය
හොඳම ඉදිරිපත් කිරීම - ඒ කණ්ඩායම