Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2025 15:25:52 Hours

51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 30 දින 511 පාබල බලසේනාවේ සහ 9 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් 511 පාබල බලසේනාවේ බලසේනාධිපති, 9 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි සහ කාර්යය මණ්ඩලයන් වෙතින් එම ස්ථානයන්හි දි උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානයන් සබැඳිව සේනාංකාධිපතිතුමන්ව සවිස්තරාත්මකව දැනුවත් කළහ. ඉන් අනතුරුව, වෙන් වෙන්ව එම ස්ථානයන්හි දි භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.