Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2024 17:59:18 Hours

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් නත්තල් දින සැමරුම් උත්සවයක්

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නත්තල් උදාව සනිටුහන් කිරීමේ ප්‍රජා මූලික වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 දින CIMIC උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මනුසත් දෙරණ සහ මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම සමඟ සහයෝගයෙන් දරු දැරියන්ගේ රසාස්වාදය වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහනේදී ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකයෙකු වන ‘පැංචා මාමා’ ලෙස හඳුන්වන කලාසූරි නාලක හපුගොඩ මහතා විසින් විනෝදාත්මක අංගයන් ඉදිරිපත් කළේය. එමෙන්ම, ගවලේන සහ නත්තල් ගස වැනි සාම්ප්‍රදායික නත්තල් අංගයන් වලින් විචිත්‍රවත් වූ මෙම වැඩසටහන අතරතුරදී නත්තල් සීයා විසින් දරු දැරියන් වෙත ත්‍යාග පාර්සල් ද බෙදාදුන්නේය.

එහිදී, ත්‍යාග වශයෙන් දරු දැරියන් 300 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, රු. 3,000 ක වටිනාකමකින් යුත් මැලිබන් බිස්කට් පාර්සල් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇසුරුම් 150 ක් ද පිරිනැමිණි.

මෙම නත්තල් සැමරුම් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, මනුසත් දෙරණ සහ මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගමේ නියෝජිතයින්, දරු දැරියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.