Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2024 17:37:12 Hours

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කන්කසන්තුරේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 07 දින කන්කසන්තුරේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පොලිස් නිලධාරීන්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් සහ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගි වූහ.