02nd April 2024 14:48:41 Hours
මාන්කුලම්, පලෙයි කොලනි ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය ඉරිදා (මාර්තු මස 28) දින මුල්ගල තැබිණි.
642 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් හා අධීක්‍ෂණය මත ප්‍රදේශවාසීන්ගේ සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත ඉදිකරනු ලබන නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි.
64 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී.පී.පී. කුලතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ.