Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2024 17:12:21 Hours

5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 30 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ඒකක සම්මන්ත්‍රණයක්, Diners’ Club වැඩසටහනක් සහ නිලධාරී සුහද හමුවක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් විසින් සම්මන්ත්‍රණය අතරතුර විෂය කරුණු පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදුකරන ලද අතර, බ්‍රිගේඩියර් ආර්.ජී.යූ රාජපක්‍ෂ ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) Diners’ Club වැඩසටහන අතරතුර 'Civil-Military Relations: The Role of Military’යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.

30 වන සංවත්සරය වෙනුවෙන් පැවැති නිලධාරීන්ගේ සුහද හමුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එදින සැන්දැවේ ආරම්භ විය.