Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2024 17:37:38 Hours

5 විජයබාහු පාබල රෙජිමේන්තුව බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි

5 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කටුකැලියාව 1 බලකා බලඇණි පුහුණු පාසලේදී පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද අතර, එම පාඨමාලාව 2024 පෙබරවාරි මස 19 දින සිට 2024 අප්‍රේල් මස 8 දින දක්වා පවත්වන ලදී. සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

මෙම පාඨමාලාව සඳහා 5 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයන් 301 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දී සෑම සාමාජිකයෙකුට ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කරගැනීම හා පුද්ගලික,සාමූහික කුසලතාවයන් වැඩිදියුණු කරගැනීමට ද අවස්ථාව හිමි විය.

පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සහ සෙසු නිලයන් පහතින් දැක්වේ

දක්‍ෂතම ශිෂ්‍යයා සහ දක්‍ෂතම වෙඩික්කරු - කපිතන් ඩබ්ලිව්.බී.එස්.පී.ජී ප්‍රනාන්දු

හොදම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - කෝප්‍රල් ආර්.එම්.ඒ.ජී. මද්දුම බණ්ඩාර

දක්‍ෂතම කණ්ඩායම - ‘ඒ’ කණ්ඩායම

දක්‍ෂතම ඛණ්ඩය - ‘ඒ’ කණ්ඩායමේ දෙවන ඛණ්ඩය

දක්‍ෂතම පෙළ - ‘ඒ’ කණ්ඩායමේ දෙවන ඛණ්ඩයේ පළමු පෙළ