02nd April 2024 14:35:02 Hours
5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 24 දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුගත බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් බී.ඒ.ජේ. ප්‍රේමතිලක ගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් විහාරස්ථාන පරිශ්‍රයේ පිරිසිදුකම පවත්වාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරිණි.