Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 14:53:09 Hours

5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකෙරේ

5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් තල්ගස්වැව ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 අප්‍රේල් මස 09 දින පැවති උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ යූ. අනුරාධ කොතලාවල මහතාගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත ප්‍රදානය කරන ලදී. උත්සවය අතරතුරදී, එතුමන් විසින් එම ප්‍රදේශයේ තවත් පවුල් 20 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.