Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2023 21:40:34 Hours

5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා නව සනීපාරක්‍ෂක පහසුකම් සංකීර්ණයක් ඉදිකරයි

54 පාබල සේනාංකයේ 541 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා නව සනීපාරක්‍ෂක පහසුකම් සංකීර්ණයක් පසුගිය දා ඉදිකරන ලදී.

තේවම්පිඩ්ඩි, ‘Saviours’ දේවස්ථාන පරිශ්‍රයේ මෙම සනීපාරක්‍ෂක පහසුකම් සංකීර්ණය ඉදිකර ඇති අතර, එය ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මන්නාරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සැපයීය.