Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2024 16:17:44 Hours

5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් උඩිස්පත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් නව නිවස 2024 නොවැම්බර් මස 12 දින ප්‍රථිලාභීන් වෙත ප්‍රදානය කරන ලදී.

උත්සවයෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේද නිල සංචාරයක නිරත වු අතර, එහිදී එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් විසින් එතුමන් වෙත ඒකකයේ මෙහෙයුම්, වගකීම් සහ කාර්යයන් පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කරන ලදී. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

ඉන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නිළධාරීන් ආමන්ත්‍රණය කරමින්, යුද්ධ හමුදාව විසින් සිදුකරන මෙහෙවරෙහි වැදගත්කම සහ රට වෙනුවෙන් සේවය කිරීම සඳහා වන අඛණ්ඩ කැපවීම පිළිබඳව අවධාරණය කළේය. නිල සංචාරය අවසන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිට පසුව අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සමරු සටහනක් තැබීය.