Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2016 12:20:08 Hours

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුවා දිරිගන්වයි

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා විශිෂ්ඨ ලෙස ඉහළ ලකුණූ ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානය ලබාගත් කෝකිලායි ප්‍රදේශයේ ශිෂ්‍යයා වෙත 56 වන සේනාංකයේ මුලස්ථානයෙන් ඇගයීම් උත්සවයක් සංවිධානය කරන ලදි.

රඹේකුලම මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිශිකාන් 2016 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වී ඇත.

එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් එම සිසුවා වෙත මූල්‍යමය ත්‍යාග සහ පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.

Best Authentic Sneakers | Autres