30th November 2024 14:17:13 Hours
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී පැවති තන්තිරිමලය සහ ගජසිංහපුර ප්රධාන මාර්ගය 2024 නොවැම්බර් මස 28 දින 5 බලඇණිය ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පිරිසිදු කරන ලදී.
213 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 5 බලඇණිය ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත ක්රියාත්මක කළ මෙම ආපදා සහන ක්රියාන්විතයේදී මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් භටපිරිස් විසින් එම මාර්ගය අවහිර කරමින් කඩාවැටී තිබූ ගස් කඩිනමින් කපා ඉවත් කරනු ලැබීය.