07th March 2024 15:38:06 Hours
4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් රාජාංගනය, යාය 4 ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් 2024 පෙබරවාරි මස 26 දින පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර ඊට සමගාමීව දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහභාගි විය. ඇමරිකා එක්සත් ජනපදයේ, කනෙක්ටිකට් ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම වැඩසටහන සඳහා සිය මූල්‍ය දායකත්වය ලබාදුන්හ.