Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නෙල්ලිඅඩි ප්‍රදේශයේ අන්තර් සමාජ පාපන්දු තරඟාවලියක් සංවිධානය කරයි

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටයින් විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින නෙල්ලිඅඩි කොලින්ස් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 551 වන බලසේනාවේ බලසේනනාධිපති කර්නල් අසංග පෙරේරා සහභාගී වූහ.

මෙම තරඟාවලිය ප්‍රදේශයේ තරුණයින්ගේ කුසලතාවයන් වර්ධනය කිරිම උදෙසා සංවිධානය කරනු ලැබු අතර මෙම තරඟාවලියේදී කලෙයිමඩි ක්‍රීඩා සමාජය විසින් කෝලින්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් තරඟාවලියේ ශූරතා කුසලානය දිනා ගැනිමට සමත් විය. bridgemedia | Air Jordan Sneakers