Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2023 19:08:44 Hours

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පාසලක් පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනය කරණවායි (බටහිර), තමෝදර පාසලේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම පාසලේ සිසුසිසුවියන් සමඟින් එක්ව පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු මදුරු උවදුර මැඩපැවැත්වීම මූලික කොටගත් මෙම සමාජ සත්කාරක වැඩසටහන 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ මාර්ගෝපදේශ සහ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සිදුකරන ලදී.