22nd November 2023 23:12:50 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් වශයෙන් යාපනය, අල්වායි ශ්‍රී ලංකා පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
අල්වායි ශ්‍රී ලංකා පාසලේ විදුහල්පති, ගුරු භවතුන් සහ සිසු සිසුවියන්ගේ සහයෝගය මත යුද්ධ හමුදා භටපිරිස් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.
වැඩසටහන සමාප්තියේ පාසල් බලධාරීන් විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම පැසසුමට ලක්කරමින් සිය ස්තූතිය පුදකළහ.