31st August 2023 19:39:44 Hours
ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී ‘Modern Trends in Armour Technology and Tactics’ තේමාව ඔස්සේ පසුගිය සෙනසුරාදා (අගොස්තු මස 26) දින ඒකක සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී වැඩසටහන් සංවිධානය කිරීම, අධ්‍යාපනික ලිපි ලේඛන සහ පර්යේෂණ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි.
මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
සම්මන්ත්‍රණයේ සමාරම්භය සනිටුහන් කරමින් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී පිළිගැනීමේ කථාව සිදුකරමින් දේශනයේ වැදගත්කම පිළිබඳ පැහැදිළි කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සිය දේශනය පැවැත්වීය.
එම රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරියෙකු වූ ලුතිනන් කර්නල් ඩී.පී.ඒ.එස්.ඒ. විතාරණ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවති සැසිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ඒ.එස්.ආර්. විජේදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසි පීඑස්සී විසින් පවත්වනු ලැබූ ආරම්භක දේශනය සමඟින් සම්මන්ත්‍රණයේ අධ්‍යයන සැසිය ආරම්භ කෙරිණි.
දේශනයේ ප්‍රථම සැසියේදී, මේජර් කේ.බී.එස්.එස්.එස්. බණ්ඩාර පීඑස්සී, ලුතිනන් ටී.ඩී.ඩී.එස්. සේනාපති, මේජර් පී.එල්.කේ.එම්. ජයකොඩි පීඑස්සී සහ 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන ලුතිනන් ටී.ජේ. විජේසේකර විසින් සන්නාහ සන්නද්ධ රථවල නවීන ප්‍රවණතා, තොරතුරු පද්ධති, එම රථ ආරක්‍ෂණයේ නවීන ප්‍රවණතා සහ සංචලනය පිළිබඳ ඔවුන්ගේ පර්යේෂණ සොයාගැනීම් පිළිවෙළින් ඉදිරිපත් කළහ.
සන්නාහ සන්නද්ධ උපක්‍රමවල නවීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කළ දෙවන සැසිවාරය එම රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරියෙකු වන කර්නල් ඩබ්ලිව්.එම්.අයි.යූ.බී වීරසේකර යූඑස්පී පීඑස්සී ගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙම සැසියේදී එම රෙජිමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු සිය අදහස් සහ සොයාගැනීම් පිළිබඳ ඉදිරිපත් කළහ.
දෙවන සැසිවාරය ආරම්භයේදී, ලුතිනන් කර්නල් යූ.කේ.කේ.ඩබ්ලිව්.එම්.ආර්.ඒ.ඩබ්ලිව්.අයි.ඒ.බී. කුලතුංග පීඑස්සී සහ දෙවන ලුතිනන් ඒ.ඒ.එස්.ඒ. අමරසිංහ විසින් ‘නවීන සටන් බිමේ ප්‍රහාරාත්මක මෙහෙයුම්වල සන්නාහ සන්නද්ධ බලය’ තේමාව ඔස්සේත්, මේජර් කේ.එම්.කේ. සමරසිංහ යූඑස්පී පිඑස්සී සහ දෙවන ලුතිනන් ඒ.ටී.පී. අල්විස් විසින් ‘නූතන යුද පිටියේ ආරක්‍ෂක මෙහෙයුම්වල සන්නාහ සන්නද්ධ බලය’ තේමාව ඔස්සේත් දේශන පැවැත්වීය.
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 2023 වර්ෂයේ ඒකක සම්මන්ත්‍රණය පිළිබඳ සාරාංශ කරමින් බ්‍රිගේඩියර් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් දේශනයක් පැවැත්වීය. දේශනය සමාප්තියේ 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි මේජර් ආර්. රන්දෙණිය යූඑස්පී පීඑස්සී විසින් ස්තූති කථාව සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක, 22 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද සහභාගී වූහ.