18th October 2024 13:40:19 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 641 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කිරලගොල්ල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ නායකත්වය යටතේ ඉදිකරනු ලැබූ මෙම නිවස සඳහා වින්සන්ට් සින්නදුරෙයි මහතා විසින් මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ ප්‍රධානත්වයෙන් නව නිවස 2024 ඔක්තෝබර් මස 15 දින ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, නිවාස ලාභී පවුලේ සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් පිරිසක් ද එක්ව සිටියහ.