Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2016 12:37:11 Hours

4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ ආරම්භ වේ

අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද 4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, එම අභ්‍යාසය සඳුදා (24) දින සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය.

දෙසතියක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් හය දෙනෙක් සමගින් 45 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් සහභාගි වීමට නියමිත අතර, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒ හා සමාන භට පිරිසක් සහභාගි වීමට නියමිතය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන් මෙම අභ්‍යාසයේ අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ඒ.පී.අයි ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂකවරුන් ලෙස කර්නල් ජී.එම්.සී.කේ.බී ඒකනායක සහ කර්නල් කේ.ආර්.කේ.කේ.ටී බණ්ඩාර කටයුතු කරනු ලැබේ. ඉන්දීය යුද හමුදා භට පිරිස් සඳහා අණදීම ඉන්දීය යුද හමුදා මේජර් රාකේෂ් රෝෂාන් විසින් සිදු කරනු ලැබේ.

මෙම පුහුණු අභ්‍යාසයේ නිරීක්ෂකයින් ලෙස ඉන්දීය යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුජිත් සිවාජිපටෙල් සහ උපදේශකයින් ලෙස ලුතිතන් කර්නල් හේමන්ත් කුමාර් බෙල්වාල් සහ මේජර් බාස්කර් ටල්වාර් සහභාගි වන අතර, (නොවැම්බර් 06) දින අවසන් වීමට නියමිත මෙම අභ්‍යාසයේ අවසන් අධියරේ දී එහි ඇගයීම් කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබේ.

වාර්ෂික පුහුණු වැඩසටහනක් වන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසය මීට පෙර ඉන්දියාවේ දී දෙවරක් පැවැත්වූ අතර, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී  එක් වරක් පවත්වනු ලැබීය. මෙමගින් ද්විපාර්ශවික හමුදාමය සම්බන්ධතාවයත්, අසල්වාසී හමුදාවන් අතර අවබෝධය සහ බැඳීම් ඇති කිරීමටත් ඉවහල් වේ. (නිමාව)

Best jordan Sneakers | New Balance 991 Footwear