Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2024 06:30:13 Hours

4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් රංගිරි දඹුලු රජමහා විහාරය සහ දඹුල්ල ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම තේමාව ඔස්සේ ඉදිරිපත් කිරීමක් සිදුකරයි

4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 04 දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේදී ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.

රංගිරි දඹුලු රජමහා විහාරය සහ දඹුල්ල ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම උපයෝගී කරගෙන 11 පාබල සේනාංකයේ සේවයේ නියතු නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දැනුම සහ ඉදිරිපත් කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.