11th February 2024 20:53:59 Hours
232 පාබල බලසේනාවේ යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් චෙන්කලඩි, එරාවුර්පත්තුව, පෙරියපිලුමලේ ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීම පසුගිය සඳදා (පෙබරවාරි මස 05) දින සිදුකෙරිණි.
ස්ථීර නිවහණක් නොමැති අගලන් සිරිපාලන් මහතා සහ එම පවුලේ සාමාජිකයන් වෙත මෙම නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබාදීම එක්සත් රාජධානියේ පදිංචි එළයතම්බි කුමාර නිශාන්තන් මහතා විසින් සිදුකරණු ලබයි.
නව නිවස ඉදිකිරීමේ කටයුතු 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් අධීක්ෂණය කරනු ලබයි.