06th June 2023 17:19:50 Hours
‘පොසොන්’ පොහොය දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයට අයත් 653 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (03) දින මඩු ප්‍රදේශයේ දන්සැලක් පවත්වන ලදී. 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 653 පාබල බලසේනාවේ බලසේනාධිපති ලබා දුන් උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
4 ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් දන්සැල සඳහා ස්වෙච්ඡාවෙන්ම දායකත්වය දැක්වූ අතර, ප්‍රදේශයේ දානපතියන් ද ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්හ.
දන්සැල සඳහා ප්‍රදේශයේ සියලුම ආගමික ජනකොටස් නියෝජනය කරමින් 1000 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ.