Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2024 12:04:53 Hours

37 වැනි ලෝක සෙපැ ටැක්රෝ තරගාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම් පහක් ලබා ගනී

තායිලන්තයේදී පැවැතී 37 වන ලෝක ශූරතා සෙපැ ටැක්රෝ තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික සෙපැ ටැක්රෝ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගී වු අතර , මෙම තරඟාවලියේදී කාණ්ඩ අටක් යටතේ තරඟ වැදී ලෝකඩ පදක්කම් 5ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුහ. ඒ අනුව 2024 සැප්තැම්බර් මස 01 දින සිට 08 වන දින දක්වා තායිලන්තයේදි පැවැතී සෙපැ ටැක්රෝ තරඟාවලිය කීර්තිමත් තායි කිංග්ස් කුසලානයේ එක් අංගයක් වන අතර, එය සෙපැ ටැක්රෝ දින දර්ශනයේ කැපී පෙනෙන තරඟ ඉසව්වකි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැ ටැක්රෝ කමිටුව සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම්, උපදෙස් සහ පරිපාලන සහය ලබාදීමට කටයුතු කරන ලදී.