Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 20:26:33 Hours

3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඒකක සම්මන්ත්‍රණය - 2024 සාර්ථකව පවත්වයි

3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 18) දින ‘Contemporary Challenges, Innovations, and Capability Enhancement of Armour’ යන මැයෙන් ප්‍රථම ඒකක සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූ අතර, ප්‍රධාන දේශනය මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී විසින් පවත්වන ලදී.

කර්නල් ඩී.එම්.ජී.කේ.එච් ද සිල්වා පීඑස්සී ආරම්භක දේශනය සිදුකරනු ලැබූ අතර, ලුතිනන් කර්නල් පී.ජී.අයි.එල් පෙරේරා ආර්එස්පී විසින් හැකියාව සහ සූදානම, සමකාලීන අභියෝග, සිද්ධි අධ්‍යයනය, නවෝත්පාදන සහ ඒවායේ ප්‍රගතිය යන කරුණු යටතේ දේශනයක් සිදුකරනු ලැබීය. වැඩසටහන සඳහා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී විය. වැඩසටහන අවසානයේදී නිලධාරී නිවස්නයේ දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.