Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2023 18:16:19 Hours

3 වන ගැමුණු හේවා බලකායේ දායකත්වයෙන් ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පරිසර හිතකාමී ව්‍යාපෘතියක්

2023 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් යුද්ධ හමුදාවෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 2023 පෙබරවාරි මස 02 දින මාතර ප්‍රදේශයේ පිහිටි ‘කිරළ කැලේ’ අභයභූමියේ ආක්‍රමණශීලී ශාඛ ඉවත් කිරීම සඳහා මාතර ප්‍රදේශයේ ස්ථාපිත 3 වන ගැමුණු හේවා බලකායේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

මධ්‍යම පරිසර අධිකාරියේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්ය්‍යාලය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති හා 613 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් ‘කිරළ කැලේ’ අභයභූමිය තුළ ව්‍යාප්ත වෙමින් පැවති ‘ඇකේෂියා‘ නම් ආක්‍රමණශීලී ශාකය ඉවත් කිරීමට සිය සහයෝගය ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය සේවකයින්, ප්‍රදේශවාසීන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් ද සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ. මෙම වැඩසටහන වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් දැක්වූ දායකත්වය 3 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් සමීපව අධීක්‍ෂණය කරන ලදී.