18th May 2023 22:33:41 Hours
මාතර දිස්ත්‍රික්කයේ මුලටියාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙරගම (නැගෙනහිර) සහ බෙරගම (බටහිර) ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන්ගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් මැයි 15 සහ 16 දෙදින තුළ සිවිල් වැසියන්ගේ අපිරිසිදු පානීය ජල ළිං තුනක් පිරිසිදු කරන ලදී.
පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමඟ මෙම ළිං තුන දැඩි ලෙස අපිරිසිදු වීමෙන් ප්‍රදේශවාසීන්ට පානීය ජල පහසුකම් අහිමි වූ අතර ඔවුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් වෙනත් ස්ථානවලින් ජලය ගෙන ඒමට සිදුවිය.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සමඟ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් අදාළ ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව එම ළිං තුන පිරිසිදු කරන ලදී.