09th October 2024 09:23:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 05 සහ 06 දෙදින තුළ 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රමදාන ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතියේදී, 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් බෙලිඅත්ත, ඉහළ බෙලිගල්ල, රත්නායක වැඩිහිටි නිවාසය සහ කතරගම රජයේ වැඩිහිටි නිවාසය පිරිසිදු කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා නිලධාරියෙක් සහ සෙසුනිලයන් 15 දෙනෙකු සහභාගී වූහ.