Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2024 19:11:01 Hours

241 පාබල බලසේනාව සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක

241 පාබල බලසේනාව සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය (ජනවාරි මස 06) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් 05 දෙනෙකු සහ භටපිරිස් 45 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අඩ්ඩාලච්චේන, අක්කරෙයිපත්තුව සහ ආලියාඩිවෙම්බු යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් ද සිය දායකත්වය ලබාදුන්හ.