Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2024 20:50:11 Hours

241 පාබල බලසේනාවේ මුලිකත්වයෙන් අම්මාන් මහලිරිල්ල කාන්තා හා ළමා නිවාසයට දිවා භෝජන සංග්‍රහයක්

241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තුව වෙළඳ සංගමයේ සභාපතිවරයාගේ අනුග්‍රාහකත්වක මත පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4) දින අක්කරෙයිපත්තුව අම්මාන් මහලිරිල්ල කාන්තා ළමා නිවාසයේ ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.