26th December 2024 12:09:50 Hours
2024 නත්තල් දිනට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2024 දෙසැම්බර් මස 20 දින අක්කරෙයිපත්තුව, සින්නමුහුත්තුවාරම් මෙතෝදිස්ත දේවස්ථානයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.
මෙහිදී පාසල් සිසුන් 70 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ ත්‍යාග බෙදාදීම සිදුකරනු ලැබු අතර, මෙම වැඩසටහන සඳහා කඩවත වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානයේ කථිකාචාර්ය ඒ.අයි.ඒ රංගන මහතා විසින් මුල්‍ය පරිත්‍යගයන් සිදුකරන ලදී. තවද, මෙම වැඩසටහන සඳහා අලිගම්බේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ප්‍රධාන පූජක ගරු එස් ජෙගනාදන් පියතුමන්, ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් ආර්.තිරිවියරාජ් මහතා, 241 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් 200 දෙනෙකු පමණ සහභාගී වූහ.