Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2025 15:02:42 Hours

24 පාබල සේනාංකයේදී ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන මැයෙන් වැඩමුළුවක් පවත්වයි

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, 24 පාබල සේනාංකයේ සහ අම්පාර සටන් පුහුණු පාසලේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන මැයෙන් වැඩමුළුවක් 2025 මැයි 23 සහ 24 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.

හමුදා සාමාජිකයන්ට මුහුණදීමට සිදුවන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මානසික හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් ලුතිනන් කර්නල් ඊ.ඒ.එස්.එස් චමින්ද සහ මේජර් එම්.අයි මරික්කාර් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී. එහිදී, භටපිරිස් අතර මානසික යහපැවැත්ම සහ වෘත්තීයමය තෘප්තිමත්භාවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද ලබාදෙනු ලැබීය.