Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2024 17:23:42 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් සයිබර් අපරාධ පිළිබඳ දේශනයක්

24 පාබල සේනාංකය වෙතින් 2024 ජූනි මස 05 දින සයිබර් අපරාධ පිළිබඳ දේශනයක් පැවැත්වීය. මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සයිබර් තර්ජන පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම දේශනය පැවැත්විණි.

එහිදී, සයිබර් තර්ජන වලින් ආරක්‍ෂාවීමට ප්‍රායෝගික උපදෙස් ද මෙහිදී ලබාදෙනු ලැබීය. කීර්තිමත් සයිබර් අපරාධ විමර්ශන පරීක්‍ෂක ආර්.එම්. මද්දුම බණ්ඩාර ඇතුළු අම්පාර පොලිස් ස්ථානයේ විශේෂඥ කථිකයන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූහ. සයිබර් ප්‍රහාර පිළිබඳ සැබෑ නිදසුන් සමඟින් පැවති මෙම දේශනයේදී සයිබර් අපරාධ මඟින් ඇති කළහැකි හානිය පිළිබඳ මෙහිදී වැඩිදුර දැනුවත් කිරීමක් සිදුකෙරිණි. නවතම සයිබර් ආරක්‍ෂණ භාවිතයන් සහ මෙවලම් සමඟ යාවත්කාලීනව සිටීමේ වැදගත්කම පිළිබඳව ද දේශකයන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයන් 500 දෙනෙකු සහභාගී වූහ.