16th January 2025 14:47:03 Hours
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත අක්කරෙයිපත්තු ප්‍රදේශයේ වෙරළ තීරය සහ පන්සල පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 11 සහ 12 යන දිනයන්හිදී පවත්වනු ලැබීය..
එහිදී, 241 පාබල බලසේනාවේ සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තු වෙරළ උද්‍යානයේ සිට කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාව, අක්කරෙයිපත්තු නඟර සභා කාර්යය මණ්ඩලය සහ ප්‍රජා සංවිධාන තම සහයෝගය ලබා දෙන ලදී..
තවද, 241 පාබල බලසේනාවේ සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තු, ශ්‍රී විජයාරාම විහාරස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු ද සිදුකරන ලදී..