18th November 2023 00:20:06 Hours
24 පාබල සේනාංක මූලස්ථානය වෙතින් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය මත අම්පාර, සමන්තුරේ, මජීඩ්පුරම් ගම්මානයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් එම ප්‍රදේශයේ පවුල් 65 ක් වෙත රුපියල් 3,500/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 24 පාබල සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
‘Wings of Humanity Organisation’ සංවිධානයේ සභාපතිනී රිෂාඩ් නවුෂාඩ් මෙනවිය සහ අඩ්ඩාලච්චේන සමාජ සේවා සම්බන්ධීකාරක එස්.එල්.එම්. නස්රූන්ත් මහතාගේ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සමන්තුරේ, මජීඩ්පුරම් ග්‍රාම නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා, ‘Wings of Humanity Organization’ සංවිධානයේ සභාපතිනි රිෂාඩ් නවුෂාඩ් මෙනවිය, අඩ්ඩාලච්චේන සමාජ සේවා සම්බන්ධීකාරක එස්.එල්.එම්. නස්රූන්ත් මහතා සහ තවත් පිරිසක් සහභාගී වූහ.