Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2023 20:52:18 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වසර 4 කට පසු විලවාඩි විනයාකර් කෝවිලේ කුම්බාභිසේකම් උත්සවය පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංක භටපිරිස් මූලිකත්වයෙන් වසර 4 කට පසුව අම්පාර, විලවාඩි විනයාකර් කෝවිලේ කුම්බාභිසේකම් උත්සවය එහි පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින පැවැත්වූහ.

විලවාඩි විනයාකර් කෝවිල් පරිශ්‍රය වසර 4 ක් නඩත්තු කිරීමට නොහැකි වීම හේතුවෙන් පුද පූජා පැවැත්වීම නවතා දමා තිබුණි.

කෝවිල් පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත දැනුම් දීමෙන් අනතුරුව එම සේනාංකයේ භටපිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කෝවිලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර කුම්බාභිසේකම් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ බැතිමතුන් පිරිසක් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.