Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2024 17:58:34 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

අම්පාර දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම වෙනුවෙන් 24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 18 දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ධමන මහා විද්‍යාලය, දීඝවාපිය සිංහල විද්‍යාලය, මල්වත්ත පුදුනගර් දමිළ ප්‍රාථමික විද්‍යාලය සහ මහඔය මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 500 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක කර්නල් බී.ඩී.ටී.ඩී. ජයරත්න පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙතින් රුපියල් මිලියන 2 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, හැටන් නැෂනල් බැංකුවේ නියෝජිතයින්, අදාළ විද්‍යාලයන්හි විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.