13th November 2023 20:35:51 Hours
පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අම්පාර, වඩිනාගල විද්‍යාලයේ ඇති සියලුම ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් යටතේ, දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත ලබාගත් රුපියල් ලක්ෂ 3.5 ක මූල්‍යමය වටිනාකමකින් යුත් තීන්ත සහ අනෙකුත් අමුද්‍රව්‍ය මෙම අළුත්වැඩියා කටයුතු සඳහා යොදා ගනු ලැබිණි.
වැඩසටහන සඳහා 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 18 විජයබාහු පාබල රෙජිමේන්තුව, 11(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 8, 11, 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි භටපිරිස් නොවැම්බර් මස 04 සහ 05 යන දිනයන්හිදී පාසලේ සියලුම ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම තීන්ත ආලේප කර අනෙකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සිය ගණනක් අධ්‍යාපනය ලබන මෙම පාසලේ ගොඩනැගිලි දැඩි අබලන් තත්ත්වයක පැවති බැවින් පාසලේ විදුහල්පතිතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භටපිරිස් සමඟින් සිසුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් ද සහභාගී වූහ.